දේශපාලන වාර්තාකරු I
පොහොට්ටුවේ සහ එජාපයේ මූලිකත්වයෙන් තවත් පක්ෂ ගණනාවක ජ්‍යෙෂ්ඨයන්ගේද දායකත්වය ඇතිව නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර මූලික අදහස් හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වෙයි.
මෙම නව සන්ධානය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කොටගෙන සකස් කෙරෙනු ඇත. ඒ සඳහා පොහොට්ටුව සහ එජාපය ඍජුව සම්බන්ධ වන අතර ශ්‍රීලනිපයෙන් කැඩී ගිය කොටසක්ද, සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් පිරිසක්ද එක්කර ගැනීමට සැලසුම් කර ඇතැයි දැනගන්නට තිබේ. එහෙත් මෙම සන්ධානය ළඟ එන පළාත් පාලන මැතිවරණයට පෙර ස්ථාපිත නොකෙරෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.