I දේශපාලන වාර්තාකරු
විදුලිබල අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට කර ඇති යෝජනාව අනුව ලබන ජනවාරි මාස සිට විදුලිය බිල තවත් 30% කින් පමණ ඉහළ දැමෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි. දේශය පුවත්පත මෙයට පෙරද වාර්තා කළ පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනාවක් අනුව මෙම මිල ඉහළ දැමීම සිදුවෙයි.
මණ්ඩලය දැනට ගණන් බලා ඇති ආකාරයට මේ වසරේ අගෝස්තු මාසයේ විදුලිය බිල ඉහළ දැමීමෙන් පසුවද දෙසැම්බර් මස වනවිට රුපියල් බිලියන 160ක පමණ පාඩුවක් සිදුවෙතැයි බලධාරීහු පවසති. එසේම 2023 වසරේ පාඩුව රුපියල් බිලියන 340ක් විය හැකි බවටද පුරෝකථනය කර තිබේ. එබැවින් විදුලිය ගාස්තුව තවත් 70% කින් පමණ ඉහළ දැමිය යුතු බව විදුලිබල මණ්ඩලය කැබිනට්ටුවට යෝජනා කර ඇතත් රජය ජනවාරි මස සිට 30% කින් පමණ විදුලිය ගාස්තු ඉහළ දැමීමකට අවසර ලබා දෙනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. ඉන් අනතුරුව ලබන ජූලි මාසයේදී නැවත වරක් විදුලිය ගාස්තු ඉහළ දැමෙයි. එම ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිශතය රජය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.
මේ වසරේ අවසන් වරට විදුලිය බිල 75%කින් පමණ ඉහළ දැමුමේ පසුගිය අගෝස්තු මාසයේ සිටය.