I ගයාන් ගාල්ලගේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ පිරිස විසින් නව දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීමට තීන්දු කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් දේශයට පැවසීය.
මෙම අලුත් සන්ධානය සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක, කුමාර වෙල්ගම සහ තවත් පක්ෂවලින් ඉවත්ව ස්වාධීන වූ අය එක්ව මෙය නිර්මාණය කිරීමට තීරණය කර තිබේ.
දැනට මේ සඳහා සාකච්ඡා කෙරෙමින් පවතින බවද එම ජ්‍යෙෂ්ඨයා සඳහන් කළේය.