2022 දෙසැම්බර් 18 වන ඉරිදා

පුංචි ඡන්දයට තවත් බාල්දියක් !

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 189

දේශපාලන වාර්තාකරු I

යෝජිත පළාත් පාලන මැතිවරණය මාස කිහිපයකින් කල් දමන ලෙස පොහොට්ටුවට සම්බන්ධ ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය බදාදා ජනාධිපතිවරයා මුණගැසුණු පොහොට්ටුව පක්ෂයට සම්බන්ධ පළාත් පාලන ආයතන ප්‍රධානීන් 47 දෙනකු මෙම ඉල්ලීම කළ බව වාර්තා වෙයි.

පවත්නා ආර්ථික තත්ත්වය යටතේ ජනතාව ඡන්දයකට මුහුණ දීමට තරම් සුදුසු වාතාවරණයක නොමැති බව ප්‍රකාශ කර ඇති පළාත් පාලන ප්‍රධානීන් මැතිවරණය සඳහා රජයට මෙන්ම තමන්ටත් විශාල වියදමක් දැරීම අපහසු බව පෙන්වා දී ඇත.

පවත්නා ආර්ථික තත්ත්වය යටතේ ජනතාව ඡන්දයකට මුහුණ දීමට තරම් සුදුසු වාතාවරණයක නොමැති බව ප්‍රකාශ කර ඇති පළාත් පාලන ප්‍රධානීන් මැතිවරණය සඳහා රජයට මෙන්ම තමන්ටත් විශාල වියදමක් දැරීම අපහසු බව පෙන්වා දී ඇත.

ඔවුන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා ඇති ජනාධිපතිවරයා පවත්නා ආර්ථික තත්ත්වය ගැන ද සලකා බලා අදාළ අංශ මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතැයි අපේක්ෂා කරන වග සඳහන් කර තිබේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යන මහත්වරුද මෙම හමුවට එක්වූහ.