2022 දෙසැම්බර් 18 වන ඉරිදා

පාසල් කැන්ටින් පොලිස් පරීක්ෂාවට !

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:01 76

ගයාන් ගාල්ලගේ I

පාසල් සහ විශ්වවිද්‍යාල තුළ මත්ද්‍රව්‍ය ජාවාරම ඉහළ ගොස් ඇති බවට ලැබෙන පැමිණිලි මත එම ස්ථාන සහ අවට වෙළෙඳසල් සහ ආපනශාලා එළඹෙන සතියේ සිට සතියකට වරක් පරීක්ෂා කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දේශයට පැවසීය.

බස්නාහිර පළාත තුළ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා බුද්ධි අංශ, සිවිල් පොලිස් නිලධාරීන් සතියකට වරක් යොදවන බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම පාසල් තුළ දෙමාපියන් සහ පාසල් දරැවන් එකතුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක්ද යොදවන බවත් වැඩිදුරටත් සඳහන් කළ ඒ මහතා දරුවන් සඳහා ඇතැම් ඖෂධ ලබාදෙන ඖෂධහල් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද කීය.