2022 දෙසැම්බර් 18 වන ඉරිදා

ඩෙංගු- කොවිඩ් වෛරස් උණ ශීත කාලගුණයත් සමඟ ඉහළට

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:02 63

සුගත් පී කුලතුංගආරච්චි I

මේ වනවිට රටේ පැතිර ඇති කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යා බහුල රෝග තත්ත්වයට වෛරස  සහ ඩෙංගු රෝගය ප්‍රධාන වූ හේතු කිහිපයක්ම බලපා ඇති බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම “දේශය”ට පැවසීය.

පවතින අයහපත් ශීත කාලගුණය මෙන්ම වෛරසයක් නිසා හටගන්නා ඉන්ෆ්ලුවැන්සා තත්ත්වයක්ද කොවිඩ් ආසාදනය සහ ඉහළ ගොස් ඇති ඩෙංගු තත්ත්වය හේතුවෙන්ද රෝගීන් වැඩි පිරිසක් දක්නට ලැබෙන බවත් පසුගිය සතියේ පමණක් සිය රෝහලට ඩෙංගු රෝගීන් 40ක පමණ පිරිසක් ඇතුළත්ව ඇති බවත් වෛද්‍ය විජේවික්‍රම කීය. කොළඹ දිස්ත්‍රික්කය තුළින් දෙසැම්බරය මුල් සති කිහිපය තුළ ඩෙංගු රෝගීන් 254ක්ද මුළු රට තුළින් මේ මාසය තුළ ඩෙංගු රෝගීන් 1323 ක් ලෙස ද රෝගය පැතිරීම ඉහළ ගොස් තිබේ. මේ රෝග වෙන්කර හඳුනා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයකු හමුවීම සුදුසුම පියවර බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දෙයි.