දේශපාලන වාර්තාකරු I
මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිසම සහ පිළිගත් දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් මෙම දෙසැම්බර් 20දා පැවැත්වීමට තීන්දු කර ඇතැයි එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට පැවසීය.
දේශපාලන පක්ෂ සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමඟ ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද සැලසුම් කර ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.
රජයේ මිනුම්පති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී මෙම සාකච්ඡා පැවැත්වෙන අතර එහිදී පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට අදාළ කරුණු සාකච්ඡා කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.