2022 දෙසැම්බර් 18 වන ඉරිදා

එජාප- පොහොට්ටු දීගයට නිල නොලත් කපුවෝ

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 61

ගයාන් ගාල්ලගේ I

පොහොට්ටුව සහ එජාපය එක් කිරීම සඳහා අවශ්‍ය වැඩකටයුතු සිදුකිරීමට දෙපාර්ශ්වය විසින්ම කණ්ඩායම් දෙකක් නිල නොවන මට්ටමින් පත්කර ඇති බව රජයේ ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දෙපාර්ශවයටම එකඟ විය හැකි පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමත් ඊට දෙපාර්ශවයේම එකඟත්වය පළකර ගැනීමත් මෙම කණ්ඩායම් දෙකේ අරමුණ වී ඇත.

දැනටමත් නිල නොලත් අයුරින් එම සාකච්ඡා සිදුකෙරෙන බවත් විශේෂයෙන් එම සාකච්ඡාවල පළමු පියවර ලෙස කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුකිරීමත් දෙපාර්ශ්වයේ මූලික අරමුණ වී තිබේ.