ගයාන් ගාල්ලගේ l
දකුණු ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් කිඹුලාඇළ ගුණා ඇතුළු පුද්ගලයන් 9 දෙනා මෙරටට ගෙන ඒම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වීමක් සිදු කිරීමට රජය තීරණය කර තිබේ. එයට හේතු වී ඇත්තේ ඔවුන් එරට අපරාධයක් සඳහා අත්අඩංගුවට ගෙන ඇති බැවිනි.
කෙසේ වෙතත් ඔවුන් මෙරටට ගෙන ඒමට නොහැකි වුවහොත් විශේෂ අවසරයක් මත පරීක්ෂණ කණ්ඩායමක් එරටට යවා ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට උත්සාහයක් ගන්නා බවද පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. කිඹුලාඇළේ ගුණා, ඔහුගේ පුත්‍රයා, කොටා ගාමිණි, පූකුඩි කන්නා, ලඩියා, කෙසෙල්වත්තේ ධනුක, වැල්ලේ සුරංග, බුම්බා, අස්මින් යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.