2023 ජනවාරි 01 වන ඉරිදා

පොලිස් මාරුවීම්වලට එරෙහිව ස්ථානාධිපතිවරු ශ්‍රේෂ්ඨාධිකරණයට

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:03 202

ආරක්ෂක වාර්තාකරුl

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පත්වීම් හා මාරුවීම් බලතල පවරා තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් 260කට පමණ ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව නම් සඳහන් නොකළ පොලිස් ස්ථානාධිපතිවරු පිරිසක් දේශයට පැවසූහ.

ජාතික පොලිස් කොමිෂන් සභාව 2022.12.20 දින නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයාට ස්වකීය බලතල පිළිබඳ ලිඛිතව දැනුම්දීමක් කර ඇත. 

එමගින් පොලිස් කොමිසමේ ලේකම්වරිය ප්‍රකාශ කර ඇත්තේ 21 වැනි සංශෝධනයෙන් පසුව පොලිස් නිලධාරීන්ගේ පත්වීම් මාරුවීම් හා විනය පාලනයට අදාළ බලතල ජාතික පොලිස් කොමිසම සතු වන නිසා ඉදිරියේදී ඒ අනුව ක්‍රියාකරන ලෙසයි.
එබඳු පැහැදිලි උපදෙසක් ලබාදී තිබියදී අමාත්‍යංශ ලේකම්වරයාගේ බලතල අනුව පොලිස් මාරුකිරීම් සිදුකිරීම නීති විරෝධී වන බැවින් මෙලෙස තමන් අධිකරණයේ පිහිට පතන බව එම නිලධාරීහු වැඩිදුරටත් කීහ.