ගයාන් ගාල්ලගේ I
එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරග වැදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙපිරිසක් අතර මත දෙකක් ඉස්මතු වී ඇති බව එම පක්ෂයේ ප්‍රකාශයකු දේශයට පැවසීය.
එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන් පවසා ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්ටුව ස්වාධීනව තරග කළයුතු බවමය. එහෙත් ආණ්ඩුවට හිතවත් පොහොට්ටුවේ පිරිසක් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව එළඹෙන මැතිවරණයට තරග කළ යුතු බවය. එහෙත් එම අදහස පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ වෙතත් දැනටමත් ආණ්ඩුවට පූර්ණ වශයෙන් සහාය දක්වන පොහොට්ටුවේ මන්ත්‍රීවරැන් පිරිසක් ඔවුන් නියෝජනය කරන ප්‍රදේශවලින් ස්වාධීන කණ්ඩායම් එක් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද දැනගන්නට ඇත. එම කණ්ඩායම් අතර බහුතරයක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බවද විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග පවසයි.