2023 ජනවාරි 08 වන ඉරිදා

පළාත්පාලන මන්ත්‍රීන්ගෙන් සියයට 10ක් කාන්තාවෝ

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 25

 ප්‍රියන්ජන් සුරේෂ් සිල්වා l

2023 පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සැකසීමේදී පළාත් පාලන ආයතනයට තෝරා පත්කර ගන්නා මුළු සභික සංඛ්‍යාවෙන් 10%ක් කාන්තාවන් ඇතුළත් විය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රසිද්ධ කර ඇති නාම යෝජනා දැන්වීමේ සඳහන්ය

ප්‍රාදේශීය සභා 275ක් සහ නගර සභා 36ක් සහ මහ නගර සභා 29ක් වශයෙන් පළාත් පාලන ආයතන 340ක් සඳහා මැතිවරණය පැවැත්වෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය නගර සභාවේ නිල කාලය වසර 5ක් සම්පූර්ණ වී නොමැති බැවින් ඒ සඳහා ඡන්ද විමසීමක් සිදු නොවේ.

පළාත් පාලන මැතිවරණය මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වෙනු ඇත. ඒ අනුව කොට්ඨාස මට්ටමින් සභිකයන් 60%ක්ද, සමානුපාතික මට්ටමින් 40%ක්ද පත්කර ගැනීමට නියමිතය. පිළිගත් දේශපාලන පක්ෂයක එක් අපේක්ෂකයකු රුපියල් 1500ක්ද ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු රැපියල් 5000ක්ද ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු වේ.