2023 ජනවාරි 15 වන ඉරිදා

විදුලි කප්පාදුවට වසරක් පිරෙයි

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 40

දේශපාලන වාර්තාකරු I

දිනපතා විදුලිය කප්පාදු කිරීම අරඹා මෙම ජනවාරි මස 07දාට වසරක් සම්පූර්ණ විය. මුල් වරට විදුලිය කප්පාදුව ආරම්භ කළේ 2022 ජනවාරි මස 07 වැනිදාය.

මුල් අවස්ථාවේ පැය, පසුව පැය දෙක තුන හතර සිට පැය 13ක් දක්වා වැඩි වූ විදුලිය කප්පාදුව නිසා පීඩාවට පත් ජනතාව උද්ඝෝෂණවලට පවා පෙළඹිණි. 

එහෙත් පසුව විදුලිය කප්පාදුව අඩු වූ අතර මේ වනවිට දෛනික විදුලිය කප්පාදුව පැය 2 විනාඩි 20කට සීමා වී තිබේ.