ගයාන් ගාල්ලගේ I
මැතිවරණය සඳහා නාමයෝජනා භාර නොගන්නා ලෙසට කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පැමිණිල්ල මැතිවරණය නිමවන තෙක් ඉවත් කර නොගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.
එම කැබිනට් තීන්දුව නැවත හකුලා ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව විසින් ගනු ලබන තීන්දු තීරණවලට එරෙහිව තම පක්ෂය දිගින් දිගටම තරග කරන බව ඔහු කීය.