2023 ජනවාරි 22 වන ඉරිදා

ඡන්දය නැත්නම් ජනතාව වෙනත් පාරක් තෝරාගනීවි- ලාල් කාන්ත

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 36

ගයාන් ගාල්ලගේ I

මේ රටේ දේශපාලන සංස්කෘතියට විරුද්ධව ජනතාව පෙළගැසී ඇති මොහොතක පසුගාමී දේශපාලනඥයන් විසින් ජනතාව අපේක්ෂා කරන වෙනස මැතිවරණ හරහා  ඇති කිරීමට ඉඩ නොදෙන්නේ නම් ජනතාව ඔවුන් පළවා හැරීමට වෙනත් ක්‍රමයක් භාවිත කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයකු වන කේ.ඩී. ලාල්කාන්ත මහතා දේශයට පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමවේදය ඔස්සේ පසුගාමී දේශපාලන සංස්කෘතිය සහ දේශපාලනඥයන් පලවා හැරීමට ජනතාව සූදානම්ව ඇති මොහොතක මේ ආකාරයෙන් විවිධ උපක්‍රම හරහා ඡන්දය කල්දැමීම බරපතළ වරදක් බවද ඔහු සඳහන් කළේය.

ජනතාවට ඒ ඉඩ පාලකයන් විසින් ලබා නොදෙන්නේ නම් ජනතාව ඒ පාලකයන් පලවා හැරීම සඳහා වෙනත් ක්‍රමයක් භාවිතා කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.