2023 ජනවාරි 22 වන ඉරිදා

රස්සා නැති කාන්තාවන්ගේ ගොඩ වැඩි වෙයි

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 81

යසවර්ධන රුද්රිගූ I

2022 වසරේ දෙවැනි කාර්තුව පිළිබඳ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාව අනුව මෙරට කාන්තාවන්ගේ සේවා නියුක්තිය පිරිමින්ගේ සේවා නියුක්තියෙන් අඩකටත් වඩා අඩු බව වාර්තා වෙයි. රටේ ජනගහනය අනුව රැකියාවල නියුතු පිරිමින්ගේ ප්‍රතිශතය 70.9%ක් වන අතර රැකියාවල නියුතු කාන්තා ප්‍රතිශතය 32.1% ක් වෙයි.

ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශ අනුව මෙම තත්ත්වය සලකා බැලූ විට ග්‍රාමීයව රැකියාවල නියුක්ත වූවන්ගේ ප්‍රතිශතය 50.6%ක්ද නාගරිකයන්ගේ සේවා නියුක්තිය 47.6%ක්ද වන බව ප්‍රකාශ වේ. මෙය 2021 තිබූ අගයට වඩා පහළ යාමකි.

මෙම කාර්තුවේ සේවා වියුක්තිය ගැන අවධානය යොමු කරන විට රැකියා නැති පිරිමින්ගේ ප්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්න කාන්තාවන් ප්‍රමාණයක් රැකියා නැතිව සිටින බව සනාථ වේ. පිරිමින්ගේ රැකියා වියුක්ති ප්‍රතිශතය 3.7%ක් වන අතර ස්ත්‍රී ප්‍රතිශතය 6.5% කි.