2023 ජනවාරි 22 වන ඉරිදා

මාරක රිය අනතුරෙන් 7ක් මරුට

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 38

(ගයාන් ගාල්ලගේ)

නානුඔය රදැල්ල බෑවුම අසලදී සිදුවු පසුගිය සිකුරාදා (20) රාත්‍රියේ සිදුවු මාරක රිය අනතුරකින් පුද්ගලයන් 7 දෙනකු මියගොස් තවත් 51ක් දෙනකු රෝහල් ගතකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා දේශයට පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් 4 දෙනකු සහ කාන්තාවන් 3 දෙනෙකි.

අනතුරට ලක්ව ඇත්තේ අධ්‍යාපන චාරිකාවක් සඳහා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් සිසුන් රැගත් බස් රථයක් සහ දික්ඔය සිට නානුඔය දක්වා පවුලේ චාරිකාවක් යමින් සිටි පිරිසක් රුගත් වෑන් රථයක් බවද ඒ මහතා සඳහන් කළේය.
බස් රථය අධික වේගයෙන් පැමිණ තිරිංග ක්‍රියාත්මක නොවීමත් සමඟ වෑන් රථයේ ගැටී වෑන් රථය හෙළකට පෙරලී ඇති බවද සඳහන් වේ.