ගයාන් ගාල්ලගේ I
මැතිවරණය නියමිත දිනට නොපැවැත්වුවහොත් ඊට විරුද්ධව ජනතාව සමඟ පාරට බසින බව සමගි ජන බලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.
බිලියන 7000ක අයවැයෙන් බිලයන 10 දීමට ආණ්ඩුවට නොහැකි තරම් බංකොලොත් වී ඇත්නම් තවත් ජනතාව රවටන්නේ නැතිව ඡන්දයකට යාම සුදුසුම දේ බව හෙතෙම සඳහන් කළේය.
ජනතා පරමාධිපත්‍යය බලයට බලපෑම් කරන නායකයන් ඉතාම දරුණු ලෙස ජනතාවගෙන් පාඩම් ඉගෙන ඇති බවත් ඒ මහතා කීය.