2023 පෙබරවාරි 05 වන ඉරිදා

නිදහස් දිනය දා මඩකළපුවේ විරෝධයක්

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 40

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

උතුරේ දෙමළ ජනතාවගේ ගැටලුවලට පිළියම් ලෙස 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පා නිදහස් දිනයේ මඩකළපුවේ විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා දේශයට ප්‍රකාශ කළේය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකිරීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවද ජනාධිපතිවරයා මෙන්ම පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට පොරොන්දු වී සිටින අතර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් වැළකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවාද නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරනවාද යන්න ජනාධිපතිවරයා තීරණය කළ යුතු බවද පැවසූ ඔහු පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙසටත් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද සඳහන් කළේය

 තමන් මුලින් ඉල්ලා සිටියේ ස්වයං පාලනයක් යැයි ද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබෙන්නේ ස්වයං පාලනයක් නොව ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරීමක් පමණක් යැයිද එයවත් ලබා දිය නොහැකි නම් සිංහල හා දෙමළ ජනතාව අතර සංහිඳියාව ඇතිවීම සිහිනයක් පමණක් වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.