2023 පෙබරවාරි 12 වන ඉරිදා

අගමැති වෙනවාද? මහින්ද දුන් උත්තරේ

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:04 361

දේශපාලන වාර්තාකරු I

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමේ සැලසුමක් ගැන ආරංචි පැතිර යන බැවින් දේශය මේ ගැන මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් විපක්ෂ නායකයෙක් මෙන්ම එම පක්ෂයට සම්බන්ධ දේශපාලන පෙරමුණේ ප්‍රධානියා ද බවයි. එබැවින් පක්ෂය ගන්නා තීන්දුවකට හිස නැමීම තමන්ගේ ප්‍රතිපත්තිය බව ඔහු අවධාරණය කළේය.

ඒ කෙසේ වෙතත් වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉතා හොඳින් තමන්ගේ රාජකාරිය ඉටු කරන වග පැවසූ මහින්ද රාජපක්ෂ මහතා ඔහු තනතුරින් ඉවත් කිරීමට කිසිදු හේතුවක් නැතැයි ද සඳහන් කළේය.