2023 පෙබරවාරි 12 වන ඉරිදා

ඡන්දෙන් පස්සේ මහ පක්ෂයක ලේකම් දොට්ට

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:02 409

දේශපාලන වාර්තාකරු I

පළාත් පාලන මැතිවරණය හමාර වූ සැණින් ප්‍රධානම දේශපාලන පක්ෂයක ලේකම්වරයා ඉවත් කෙරෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි. මෙම පක්ෂ ලේකම්වරයාගේ ක්‍රියා කලාපය නිසා පක්ෂයේ සමගිය නැතිවූ බවත් ඔහු පක්ෂ අරමුණ පසෙකලා තමන්ගේ පෞද්ගලික අරමුණ උදෙසා පක්ෂය මෙහෙයවන බවටත් එම පක්ෂයේ අභ්‍යන්තරයෙන්ම චෝදනා එල්ල වී ඇත.

පක්ෂය තුළ නව කල්ලිවාදයක් ඇති කළ බවටද ඔහුට චෝදනාවක් නැගී තිබේ.

මේ නිසා අදාළ පක්ෂ නායකයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන්ගේ තීරණය අනුව පළාත් පාලන ඡන්දය නිමවූ වහාම ඔහු තනතුරින් ඉවත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත. ඒ වෙනුවට ඍජුව දේශපාලනයට සම්බන්ධකම් නොමැති වෘත්තිකයෙක් අදාළ පක්ෂයේ මහලේකම් පදවියට පත් කෙරෙනු ඇති බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.