2023 පෙබරවාරි 12 වන ඉරිදා

උද්ධමනය මනින ක්‍රමය වෙනස් වෙයි

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 36

යසවර්ධන රුද්රිගූ I

දස වසරක් පැරණි උද්ධමනය මැනීමේ ක්‍රමය වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කළේය. ඒ අනුව මෙතෙක් වර්ෂ 2013 භාණ්ඩ මිල පදනම් කරගෙන සිදු කළ උද්ධමනය මැනීම අහෝසි කෙරේ.

ඒ වෙනුවට ඉදිරියේදී උද්ධමන මැනීම සඳහා වර්ෂ 2021 භාණ්ඩ මිල පදනම් කරගෙන ගණනයන් සිදු කිරීමට රජය තීරණය කර තිබේ. දැනට උද්ධමනය ගණනය කරන ක්‍රමය ප්‍රායෝගික නොවන බවට එල්ල වූ විවේචන නිසා අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය. 2021 පදනම් වර්ෂය ලෙස ගෙන උද්ධමනය ගණනය කිරීමේදී උද්ධමනය සම්බන්ධ යථාර්ථවාදී වෙනසක් සිදුවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.