2023 පෙබරවාරි 12 වන ඉරිදා

දැන් ඡන්ද ඉල්ලන්නේ අවස්ථාවාදියෝ - අමාත්‍ය මහින්ද අමරවීර

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 39

ගයාන් ගාල්ලගේ I

මේ මොහොතේ ඡන්දයක් අවශ්‍ය ජනතාවට නොව බලය වෙනුවෙන් පොරබදින අවස්ථාවාදී පක්ෂවලට බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශයට පැවසීය.

එම අවස්ථාවාදී පක්ෂවල බල අරගලය නිසා අවසානයේ ඡන්දයෙන් පසුව එන ආර්ථික බරත් ජනතාවට දරන්න සිදුවන බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් කිසිවිටෙක ඡන්දයක් එපා කීමට තමන්ට හැකියාවක් නැති බවත් මැතිවරණය පැවැත්වීමෙන් පසුව සිදුවන ආර්ථික අපහසුතාවය ගැන පමණක් තමන්ට කිව හැකි බවත් අමරවීර මහතා පැවසීය.