2023 පෙබරවාරි 12 වන ඉරිදා

මන්ත්‍රීන්ගේ ඉල්ලීම විශේෂ කාරක සභාවට- මැතිවරණ කොමිසම

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 35

සංජීවිකා සමරතුංග I

මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු ගැන සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස මන්ත්‍රීවරුන් 14 දෙනකු විසින් කරන ලද ඉල්ලීම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශේෂ කාරක සභාවට යොමු කිරීමට කතානායකවරයා තීන්දු කර ඇත.

නව පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹීමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශේෂ කාරක සභාව සඳහා මෙතෙක් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ඉදිරිපත් කර නැති බව වාර්තා වෙයි. මෙම තත්ත්වය යටතේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් හෝ පමණක් පාර්ලිමේන්තු කාරක සභාව රුස්කර අදාළ යෝජනාව ගැන තීන්දුවක් ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.