ගයාන් ගාල්ලගේ I
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ලකුණු කිරීම එළඹෙන 22,23,24 සහ 28 යන දිනයන්හිදී සිදුකිරීමට නියමිතව තිබූ නමුත් තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල්දැමූ බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමිසම විසින් තැපැල් ඡන්ද ලකුණු කිරීමට දින නියම කර තිබුණත් රජයේ මුද්‍රණාලයාධිපතිනිය නියමිත පරිදි ඡන්ද පත්‍රිකා මුද්‍රණයකර ලබා නොදීම නිසා මෙලෙස දින නියමයක් නොමැතිව කල්දැමූ බව කොමිසම වැඩිදුරටත් සඳහන් කර ඇත. නැවත තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙන බවද කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මේ අතර රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී කල්පනී ලියනගේ මහත්මිය මාධ්‍යයට සඳහන් කර සිටියේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයේ වියදම පසුව ලබාදෙන බවට දුන් ලිඛිත පොරොන්දුව මත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කිරීමට තමා සූදානම් බවයි. එහෙත් අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට පොලිස් ආරක්ෂාව පතා පොලිස්පතිවරයා ඇතුළු අදාළ අංශවලට ලිපි යොමුකර තිබුණත් තවමත් අදාළ ආරක්ෂාව නොලැබුණු බව ඇය සඳහන් කර සිටියාය. ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට පොලිස් ආරක්ෂාව සඳහා නිලධාරීන් 65ක් අවශ්‍ය බවය.
පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය යටතේ මැතිවරණය වෙනුවෙන් මුදල් වෙන්කිරීමට නොහැකි බවත්් රටේ දෛයිනික වැඩකටයුතු සදහා මුදල් වෙන්කිරීමේ ප්‍රමුඛතාවය යටතේ රජය ගත් පරිපාලන තීන්දුවට අනුව කටයුතු කිරීමට සිදුවන බවත් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් පසුගිය සිකුරාදා (17) මැතිවරණ කොමිෂම වෙත ලිඛිතව දැනුම් දී තිබේ.