2023 පෙබරවාරි 19 වන ඉරිදා

පුංචි ඡන්දයේ ආරක්ෂාවට හමුදා, සිවිල් ආරක්ෂක බලකායේ සහායත්

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 37

ආරක්ෂක වාර්තාකරු I

යෝජිත පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂාව සැලසීම සඳහා පොලිස් නිලධරයන් 75,000 ක් පමණ අවම වශයෙන් අවශ්‍ය වුවද ඒ සඳහා දැනට සේවයේ යෙදවිය හැකි නිලධරයන් ඇත්තේ 68,000 ක් පමණක් බව පොලිස් මූලස්ථානය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

මැතිවරණ ආරක්ෂාව සඳහා අවශ්‍ය සෙසු ආරක්ෂක නිලධරයන් 7000 ක් පමණ සපයා ගැනීමට ආරක්ෂක හමුදා සහ සිවිල් ආරක්ෂක බලකායේ සහාය ලබා දෙන ලෙස ද පොලිස් මූලස්ථානය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

එසේම මැතිවරණ රාජකාරි සඳහා යොදවන පොලිස් නිලධරයන්ට කරන ගෙවීම් ඇතුළු සෙසු වියදම් සඳහා රුපියල් කෝටි 280 ක මුදලක් අවශ්‍ය බව මෙයට පෙර දැනුම් දී තිබිණි.