ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන උතුරේ අපේක්ෂකයන්ගෙන් වැඩි පිරිසක් ආර්ථික වශයෙන් යහපත් තත්ත්වයක නොසිටින අතර ඇතැමුන් රන් භාණ්ඩ පවා උගස් කොට මේ වන විටත් ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇතැයි ද යම් හෙයකින් මැතිවරණය කල් ගියහොත් ඔවුන් වැය කළ මුදල් අපතේ යන බවද එහෙයින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බවද ඊපීආර්එල්එෆ් පක්ෂයේ සභාපති සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා දේශයට ප්‍රකාශ කළේය.
මැතිවරණයට මුදල් ලබාදීම අසීරු යැයි අවස්ථා කිහිපයකදීම මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කර තිබූ වාතාවරණයක් තුළ මූල්‍ය තත්ත්වය හා ආරක්ෂාව සම්බන්ධ ගැටලු පිළිබඳව අවශ්‍ය පියවර නොගෙන මැතිවරණය කැඳවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ද වගකිව යුතු යැයි ඔහු සඳහන් කළේය..
පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්විය යුතු වන අතර, පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය මැතිවරණයෙන් පරාජයට පත්වීමට නියමිත හෙයින් ආණ්ඩුව මැතිවරණය කල් දැමීමට කටයුතු කරමින් සිටින්නේ යැයි ද, යම් හෙයකින් මැතිවරණය කල් දැමුවහොත් තම පක්ෂය අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කළේය.