ගයාන් ගාල්ලගේ I
මැතිවරණය පැවැත්වීම සඳහා බාධා පමුණුවන සියලුම රාජ්‍ය ආයතනවලට එරෙහිව පක්ෂ කිහිපයක් අධිකරණය වෙත යාමට තීරණය කර තිබේ.
ඒ අනුව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන පක්ෂ කිහිපයක් මෙලෙස අධිකරණය වෙත යාමට තීරණය කර තිබේ. විශේෂයෙන් භාණ්ඩාගාර ලේකම් සහ රජයේ මුද්‍රණාලයාධිපතිට එරෙහිව පැමිණිලි කිරීමට තීරණය කර ඇත.
ඡන්දය නොපවත්වන ලෙසට විශ්‍රාමික කර්නල්වරයා විසින් යොමු කර ඇති පැමිණිල්ලේ නඩු තීන්දුවෙන් පසුව මෙම තීන්දුව ගැනීමට නියමිත බව සඳහන් වේ.