2023 පෙබරවාරි 26 වන ඉරිදා

මට විරුද්ධව කුමන්ත්‍රණයක්- ශ්‍රීලනිප මහලේකම්

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:03 158

ගයාන් ගාල්ලගේ I

ශ්‍රීලනිපයෙන් ඉවත්ව ගිය පිරිස් තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින නමුත් තමන් ඒවා තඹ සතයකට මායිම් නොකරන බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා දේශයට පැවසීය. එහිදී පළමු යෝජනාව ලෙස තමන් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කළ යුතුය යන යෝජනාව මෙම පිරිස විසින් පක්ෂයට ඉදිරිපත් කර තිබේ. එහෙත් මෙම පිරිස විනය හේතු මත පක්ෂයෙන් දැනටමත් ඉවත් කරන ලද කණ්ඩායමක් බවද මහ ලේකම්වරයා සඳහන් කළේය. ඔවුන් පක්ෂයට පැමි‍ණෙන්නේ තමන් මහලේකම් ධුරයෙන් ඉවත් කළහොත් පමණක් බව දැනටමත් කියා ඇත. 

එහෙත් මෙම පිරිස් නැවතත් පක්ෂයට පැමිණෙන්නේ පක්ෂයේ අභිවෘද්ධිය සැලසීමට නොව පක්ෂය විනාශ කිරීමට බවද ඔහු වැඩිදුරටත් කීය.