ගයාන් ගාල්ලගේ I
පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පත්වූ මයන්ත දිසානායක මහතා හට ඉන් ඉවත් වෙන ලෙසට තමන් දැනුම් දුන් බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.
එසේ ඉවත් වීමෙන් පසුව පුරප්පාඩු වන සභාපතිත්වයට මීට පෙර එහි මුලසුන දැරූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාව පක්ෂය විසින් නම්කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් මයන්ත දිසානායක මහතා එම තනතුර සඳහා පත්ව ඇත්තේ පක්ෂයේ එකඟතාවයකින් තොරව බවද දැනගන්නට තිබේ.