2023 පෙබරවාරි 26 වන ඉරිදා

පුංචි ඡන්දය කල් දානවාට පොහොට්ටුවත් විරුද්ධයි- සාගර කාරියවසම්

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 52

දේශපාලන වාර්තාකරු I

පළාත් පාලන මැතිවරණය කල් නොදමා පැවැත්විය යුතු බව පොහොට්ටුව පක්ෂයේ මතය බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා දේශයට කීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා විපක්ෂය විසින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඡන්දය පවත්වන ලෙස ඉල්ලා සිදු කළ උද්ඝෝෂණයට පොහොට්ටුවේ මහ ලේකම්වරයා සහ එස්.බී. දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ ආදී ජ්‍යෙෂ්ඨයන්ද එක්වීම ගැන දේශය විසින් ප්‍රශ්න කරන ලද අවස්ථාවේදීය

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහ ලේකම්වරයා වත්මන් ආණ්ඩුව තනිකරම පොහොට්ටුවේ ආණ්ඩුවක් නොවන බවත් මෙම ආණ්ඩුවේ ස.ජ.බ., ශ්‍රීල.නි.ප., වතු කම්කරු කොංග්‍රසය ඇතුළු තවත් කණ්ඩායම් ගණනාවක් එකතු වී සෑදූ ආණ්ඩුවක් බවත් සඳහන් කළේය. කවර තත්ත්වයක් යටතේවත් මැතිවරණ කල් දැමීම ගැන තම පක්ෂය එකඟ නොවන වගද ඔහු ප්‍රකාශ කළේය.