2023 මාර්තු 05 වන ඉරිදා

තුර්කි- සිරියා මුල් භූකම්පනයෙන් පසු ලොව පුරා කම්පන දෙදහසක්

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:04 79

සුගත් පී. කුලතුංගආරච්චි I

මේ වනවිට 53,565කට වැඩි පිරිසකට මරු කැඳවූ තුර්කි-සිරියා මුල් භුකම්පනයෙන් සති 2කට පසුවත් ලොව පුරා විවිධ මට්ටමේ භූ කම්පන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව අමෙරිකානු භූ කම්පන මැනුම් ආයතනයේ (USGS) දත්ත පෙන්වා දෙයි.

 

පසුගිය බ්‍රහස්පතින්දා වනවිට ප්‍රබලත්වය 7.0 – 7.9ත් අතර වූ භූකම්පන 5ක් වාර්තා විය. ඉන් 2ක්ම තූර්කිය ආශ්‍රිතවය. ඒ අතරට ඉන්දුනිසියාවේ සහ වනවාටු දූපත් අසල සිදුවූ  ප්‍රබලතාව 7.0 සහ 7.6 වූ භුකම්පනද ඇතුළත්ය. මේ අන්දමට 6.0 – 6.9ත් අතර කම්පන 21ක්ද, ප්‍රබලත්වය 5.0 - 5.9ත් අතර කම්පන 175ක්ද වාර්තා වී තිබුණි. ප්‍රබලතාව 4.0 - 4.9 අතර වූ කම්පන 1,822ක් වාර්තා වී තිබුණි. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා වනවිට ලොව පුරා භූ කම්පන 2023ක් වාර්තා වී ඇත. බදාදා දින සිට පැය 24ක් තුළ පමණක් කම්පන 35ක් වාර්තා වී තිබුණි.