2023 මාර්තු 05 වන ඉරිදා

ස්වාධීන කොමිෂන් සභා තනතුරුවලට 1600ක් ඉල්ලති

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:02 99

සංජීවිකා සමරතුංග I

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ස්වාධීන කොමිෂන් සභා 9ක සාමාජික තනතුරුවලට අයැදුම්පත් කැඳවීමෙන් පසු 1600කට වැඩි පිරිසක් ඊට අයැදුම් කර ඇති බව වාර්තා වෙයි. මැතිවරණ කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා 9ක කොමසාරිස්වරුන් ලෙස පත්වීම සඳහා මෙම අයැදුම්පත් යොමු කර තිබේ.

 ඉදිරි සති කිහිපය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී අදාළ කොමිෂන් සභා සඳහා සුදුස්සන් තෝරාගැනීම සිදු කරනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.