2023 මාර්තු 05 වන ඉරිදා

සංචාරකයන් පැමිණීමෙන් පෙබරවාරියේ වාර්තාවක්

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:01 103

චමිඳු නිසල් ද සිල්වා I 

මාස දාහතරකට පසුව වැඩිම සංචාරක පැමිණීම එක්ලක්ෂ හත්දාස් හයසිය තිස් අටක් ලෙස පෙබරවාරි මාසයේ සටහන් වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මාසික වාර්තාව හෙළි කරයි.

2022 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 2023 පෙබරවාරි සංචාරක පැමිණීම 11.53%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. ඒ අනුව පෙබරවාරි සංචාරක පැමිණීමේ වාර්තාවේ පළමු තැනට පත්ව ඇත්තේ රුසියානු සංචාරකයන්ය. රුසියානු සංචාරකයන් 29,084 පෙබරවාරියේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, පිළිවෙළින් ඉන්දියානු සංචාරකයන් 13,714 දෙනකු, බ්‍රිතාන්‍ය සංචාරකයන් 8,575 දෙනකු සහ ජර්මානු සංචාරකයන් 7,930 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අප කළ විමසීමකදී ඉදිරි මාසවලදී චීන සංචාරකයන්ගේ පැමිණීම වැඩිවෙතැයි අපේක්ෂා කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ නියෝජිතයෙක් අප වෙත පැවසීය. ඒ අනුව ගුවන් සමාගම් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ගමන් වාර වැඩි කිරීමත් සමඟ චීන සහ රුසියානු සංචාරක වෙළෙඳපොළ තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ආකර්ශනය වනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.