ගයාන් ගාල්ලගේ I
උපයන විට බදු ක්‍රමය වෙනුවෙන් එළඹෙන සතිය වන විට රජය සාධාරණ පිළිතුරක් ලබා නොදුනහොත් දැනුම් දීමකින් තොරව වැඩවර්ජනයකට යාමට වෘත්තීය සමිති එකමුතුව විසින් තීරණය කර තිබේ. අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් කළ ආයතනවල සේවකයන් ලෙඩ නිවාඩු දැමීමටද මෙහිදී තීරණය කර ඇත.
මේ සඳහා වෛද්‍ය, හෙද, විදුලි, ගුරැ, වරාය, ගුවන්, බැංකු ආදී සියල්ල එක්වීමට එකඟ වී ඇත. කෙසේ වෙතත් බැංකු වෘත්තීය සමිති විසින් දීර්ඝ වැඩවර්ජනයකට එළැඹීමට එකඟ වී නැති අතර ඔවුන් නැවත එක්දින වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබේ.
මේ අතර රජයේ පාර්ශ්වයෙන් වෘත්තීය සමිති වෙත දැනුම් දී ඇත්තේ මේ සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුකූලව සිදු කිරීම හේතුවෙන් අවශ්‍ය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දිය හැකි බවයි.