ආරක්ෂක වාර්තාකරු I
රුහුණු කතරගම මහ දේවාලය තුළ හා ඒ ආසන්න පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පසුගිය ජනවාරියේ සිට අනියුක්ත කර ඇති ආරක්ෂක හමුදාව දේවාල භූමියෙන් ඉවත් කරන ලෙස රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
මේ ගැන බස්නායක නිලමේවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇති ලිපිය මගින් ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක හමුදා නිලධාරීන් බැතිමතුන් හැසිරවීමේදී ඔවුනට විවිධ බලපෑම් කරන බවය. මෙම ක්‍රියාවන්ගෙන් ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා ද ලෙස ජනාධිපතිවරයාගේ ගෞරවයට හානියක් සිදුවන බව විශේෂයෙන් සඳහන් කර ඇත. මෙයට පෙර දේවාලයේ ආරක්ෂාව සඳහා සේවයේ යොදවා සිටි ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරීන් බැතිමතුන් හට හොඳ සුහද සේවාවක් සලසා දුන් බැවින් ආරක්ෂක හමුදාව දේවාල භූමියෙන් ඉවත් කර පොලිස් සේවයට දේවාලයේ ආරක්ෂක කටයුතු පවරන මෙන් බස්නායක නිලමේවරයා වැඩිදුරටත් ඉල්ලා තිබේ.
දේවාලය තුළ ආරක්ෂක රාජකාරිවලින් හමුදාව ඉවත් කළද පෙරහර මංගල්‍යයේදී ඔවුන් සලසන අති විශිෂ්ට සේවය අගය කරන වගද බස්නායක නිලමේවරයා සඳහන් කර ඇත.