2023 මාර්තු 12 වන ඉරිදා

පොලිසිය ඡන්දයට කෝටි 100ක් ඉල්ලයි

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 38

I ආරක්ෂක වාර්තාකරු

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 දින පැවැත්වීමට නියම කිරීමත් සමඟ ශ්‍රී ලංකා පොලිසිය විසින් මැතිවරණ ආරක්ෂක කටයුතු සඳහා රුපියල් කෝටි 100ක පමණ මූල්‍ය අත්තිකාරමක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමට අපේක්ෂා කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

මෙයට පෙර පොලිස් දෙපාර්තමේන්තුව විසින් පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක වියදම් සඳහා යන සමස්ත වියදම ලෙස රුපියල් කෝටි 280ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසමට ලබා දී තිබිණි. එයින් කෝටි 100ක පමණ අත්තිකාරමක් කල් තබා ඉල්ලා සිටින්නේ මැතිවරණයේ පූර්ව ආරක්ෂක කටයුතු සංවිධානය සඳහා බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. මෙම මුදලින් විශාල කොටසක් වැය වන්නේ ඉන්ධන ගබඩා කිරීම, වාහන කුලියට ගැනීම ඇතුළු කාරණා වෙනුවෙන් බවද වාර්තා වෙයි.