I දේශපාලන වාර්තාකරු
ලබන මැයි මාසයේදී ආණ්ඩුවේ ඉහළම තනතුරු කිහිපයක වෙනස්කම් සිදුවනු ඇතැයි විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
දේශයට ලැබුණු තොරතුරු අනුව මෙලෙස වෙනස් විය හැක්කේ ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තනතුරු කිහිපයකි. මෙයට අදාළව මූලික අදහස් හුවමාරුවක් මේ වන විටත් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සිදු වී තිබේ. අනතුරුව ඒ සඳහා සුබ නැකැත් පවා සූදානම් කර ඇතැයිද දැනගන්නට ඇත.
ලැබෙන තොරතුරු අනුව මැයි මස මුල් සතියේ මෙම දේශපාලනික තනතුරැ වෙනස සිදුවීමට අවකාශ ඇතැයි දැනගන්නට ඇත.