2023 මාර්තු 12 වන ඉරිදා

ඡන්දෙට එන රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න - මැතිවරණ කොමිසම

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 29

I දේශපාලන වාර්තාකරු

පළාත් පාලන මැතිවරණය සඳහා රජයෙන් නිවාඩු ලබාගෙන නාමයෝජනා ලබා දුන් රාජ්‍ය සේවකයන් 3000ක් දෙනාට මැතිවරණය ප්‍රමාද වන කාලය සඳහා මූලික වැටුප ගෙවන ලෙස මැතිවරණ කොමිසම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නාමයෝජනා භාර දී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය සේවකයන්ට 2023/03/09 දින සිට ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුළ අදාළ නිලධරයන්ගේ මූලික වැටුප ගෙවන ලෙසත් ඊට අදාළව අමාත්‍ය මණ්ඩල තීරණයක් ගැනීමට කටයුතු කරන ලෙසත් මැතිවරණ කොමිසම ලබා දුන් නිර්දේශයේ සඳහන්ය.