I යසවර්ධන රුද්රිගු
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම නිසා දැනට ඇතිව ඇති බව පෙනෙන ආර්ථික ප්‍රබෝධය තාවකාලික බව රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ආර්.අයි.ආර්. ප්‍රසන්න පවසයි.
ඔහු දේශය පුවත්පතට ප්‍රකාශ කළේ මූල්‍ය හුවමාරු පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 400ක් (කෝටි 40ක්) ණයක් ලෙස ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව කටයුතු කර තිබෙන බවයි. ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණ සහ අපනයනවලින් සියයට 30ක් හසුරුවන පෞද්ගලික බැංකු තුනකට මෙම මුදල ලබාදී ඇත. රුපියල ශක්තිමත් වීම නිසා විදේශ ශ්‍රමිකයන් තම වැටුප් රාජ්‍ය බැංකු හරහා රටට එවීමට කටයුතු කරමින් සිටිති. සංචාරකයන්ගේ ආගමනය ඉහළ යාම නිසා ඩොලර් වැඩිපුර ලැබෙන්නට පටන්ගෙන ඇත. විදේශ ණය ලැබීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිත ඉහළ නැග තිබේ.
මේ හැර පසුගියදා ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 1කින් ඉහළ නැංවිමට සහ වාණිජ බැංකුවලට ලැබෙන විදේශ විනිමයෙන් මහ බැංකුවට ගෙවිය යුතු ප්‍රමාණය සියයට 15 දක්වා පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළේය. එසේම ආනයන තහනම දිගටම පවතී.
මෙවැනි පියවර නිසා ආර්ථිකය ප්‍රසාරණය වූ බව පෙනුණද එය කෙටිකාලීන වන්නේ විදේශ ණය නිසා ලැබුණ ඩොලර් හේතුවෙන් මෙම කෘත්‍රිම තත්ත්වය නිර්මාණය වූ බැවිනි. අප මෙම ප්‍රබෝධය ලබාගෙන ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ සිට විදේශ ණය ගෙවීම සහ මුලින්ම නවතා ඇති පසුබිමක බව අමතක කළ නොහැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු විදේශ ආයතනවලින් ගන්නා ණය මුදල්ද ඉරි කාලයේදී ගෙවීමට රජයට සිදුවනු ඇත.