දේශපාලන වාර්තාකරු I
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව සිදුකෙරෙන වැඩවර්ජන හේතුවෙන් රටේ අත්‍යවශ්‍යම සේවාවන් බිඳවැටීමේ අනතුරක් මතු වුවහොත් එම සේවාවන් පවත්වාගෙන යාම සඳහා විදේශීය සමාගම් ගණනාවක් කැඳවීමට රජය උත්සාහ කරමින් සිටින බව දේශයට වාර්තා වෙයි.
දේශයට ලැබුණු නවතම වාර්තා අනුව යම් හෙයකින් වැඩවර්ජනය නිසා වරාය සේවාවන් දිගින් දිගටම අඩාල වුවහොත් දකුණු ආසියාවේ ප්‍රබලම වරාය මෙහෙයුම්කරුවකු ඒ සඳහා කැඳවීමට දැනටමත් මූලික සාකච්ඡාවක් සිදුකර ඇතැයි දැනගන්නට තිබේ.
වරායට අමතරව විදුලිබල උත්පාදන අංශ, දුම්රිය සේවය වැනි ක්ෂේත්‍රයන්හි සිදුවන වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාවට සිදුවන පීඩා අවම කිරීම සඳහා මෙම යෝජනාව ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි. විදේශීය සමාගම් අදාළ සේවාවන් සඳහා කැඳවන්නේ නම් ඔවුන්ට ත්‍රිවිධ හමුදා ආරක්ෂාව යටතේ සේවාවන් පවත්වාගෙන යාමට අවසර ලැබෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.