ගයාන් ගාල්ලගේ I
සාමාන්‍ය ජන ජීවිතයට බාධා වන අයුරින් උද්ඝෝෂණ පවත්වා පෙළපාලි යන්නේ නම් ඒ සියලු පෙළපාලි මැතිවරණ නීතිය යටතේ විසුරුවා හරින ලෙසට සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
ඊට අවශ්‍ය කැරලි මර්දන උපකරණ ද පසුගියදා දිවයිනේ පොලිස් කොට්ඨාස වෙත ලබා දුන් බව හෙතෙම සඳහන් කළේය
එසේම පොලීසියෙ අවසරයකින් තොරව පවත්වන සියලු පෙළපාලි, රුස්වීම්, උද්ඝෝෂණ විසුරුවා හරින අවස්ථාවේ යම් බාධාවක් සිදු කළහොත් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙසත් වැඩිදුර නියෝග ලැබී තිබේ. ඒ සියල්ල මැතිවණ නීතිය යටතේ ක්‍රියාත්මක කරන ලෙස ද උපදෙස් ලබා දී තිබේ.