දේශපාලන වාර්තාකරු |
මෙතෙක් ප්‍රකාශයට පත්ව නැති ජනාධිපතිවරණයක් වෙනුවෙන් විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධානවලින් අපේක්ෂකයන් නම් කිරීම ආරම්භ වී තිබේ.
නිල වශයෙන් නම් ඉදිරි ජනාධිපතිවරණය කැඳවිය යුත්තේ 2024 ඔක්තෝබර් මාසයේය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනයක් ලබාගෙන ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමේ සූදානමක් ඇතැයිද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.
පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව ජනාධිපතිවරයකු පත්වී වසර 4ක් ඇවෑමෙන් ඊළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය අභිලාෂය ප්‍රකාශ කිරීමට හැකියාව ඇත. එහෙත් වත්මන් ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වන බැවින් ඔහුට ඒ සඳහා නීතිමය වරමක් නැතැයි දේශය මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු අගවිනිසුරුවරයෙක් වන සරත් එන්. සිල්වා මහතා පැවසීය.
දැනට නිල නොවන මට්ටමින් ලැබෙන ආරංචි අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ලෙස ප්‍රකාශයට පත්ව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සජබ නායක සජිත් ප්‍රේමදාස, ජවිපෙ නායක අනුර දිසානායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර යන මහත්වරුන්ගේ නම්ය. මේ හැර පොහොට්ටුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේද යන්න ගැන මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු දේශයට පැවසීය.
මේ සියලු දෙනාට අමතරව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිත්වය දරන ජනක රත්නායක මහතාද ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ආගමික නායකයන් පිරිසක් විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.