2023 මැයි 21 වන ඉරිදා

සබරගමුවට වැඩබලන ආණ්ඩුකාරයෙක්

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 81

I  දේශපාලන වාර්තාකරු

සබරගමුව පළාත සඳහා වැඩබලන ආණ්ඩුකාරවරයෙක් ආණ්ඩුව විසින් පත් කරනු ලැබ සිටී. ඒ අනුව දැනට විදේශගතව සිටින සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා දිවයිනට පැමිණෙන තෙක් ලබන ජූනි මස 4 දින දක්වා බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා සබරගමුවේ වැඩබලන ආණ්ඩුකාර ධූරයට පත්කර ඇත.

ආණ්ඩුකාර කොබ්බෑකඩුව මහතා ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔහු එම තනතුරින් ඉවත් කොට ඒ වෙනුවට නවීන් දිසානායක හෝ රංගේ බණ්ඩාර යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනාගෙන් කෙනකු ආණ්ඩුකාර ධූරයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.