2023 මැයි 21 වන ඉරිදා

හිටපු මැති සභා ලේකම්ට අලුත් ලේකම් පදවියක්

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 64

දේශපාලන වාර්තාකරු l

පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට පත්කර ඇත.  වසර 2012 සිට 2023 දක්වා පාර්ලිමේන්තු මහලේකම් ධූරය දැරූ හෙතෙම වෘත්තියෙන් නීතිඥවරයෙකි.

ධම්මික දසනායක මහතා විශ්‍රාම ලැබීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මහලේකම් ධූරයට මෙතෙක් නියෝජ්‍ය මහලේකම් ධූරය දැරූ තුෂාණි රෝහණධීර මහත්මිය පත් පත්කර තිබේ. ඇයද වෘත්තියෙන් නීතිඥවරියක වන අතර පාර්ලිමේන්තු මහලේකම් ධූරයට පත්වූ දෙවැනි කාන්තාව වන්නේද රෝහණධීර මහත්මියයි. මෙයට පෙර මහලේකම් ධූරය දැරූ ප්‍රථම කාන්තාව ප්‍රියාණි විජේසේකර මහත්මියයි. නව මහල්කම් රෝහණධීර මහත්මිය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.