2023 මැයි 21 වන ඉරිදා

චම්පිකගේ අලුත් පක්ෂය 22දා ඇරඹෙයි

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 36

ගයාන් ගාල්ලගේ l

වසර තුනක් තුළ රට නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමටත් වසර දහයක් තුළ රට සංවර්ධිත රටක් කිරීමේ මූලික සැලසුමක් සහිත එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන 22දා ආරම්භ කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් ආරම්භ වන මෙම නව පක්ෂය එදින සවස 2.30ට මහරගම තරුණ සේවා සභාවේදී එළිදැක්වීමට නියමිතව ඇත. ජනරජ පක්ෂය තරුණ තරුණියන් සඳහා මූලිකත්වය ලබාදීමේ අරමුණෙන් ස්ථාපිත කරන බව එහි නායක පාඨලී චමිපික රණවක මහතා දේශයට පැවසීය.