දේශපාලන වාර්තාකරු |
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන තවත් නව දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීමට තිරය පිටුපස සාකච්ඡාවක් ආරම්භ කර ඇත. එමගින් පොදු අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සැලසුම බව වාර්තා වෙයි. මෙම පොදු අපේක්ෂකයා විය හැක්කේ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක බව නිල නොවන ආරංචි මාර්ග තහවුරු කරයි.
ප්‍රධාන පෙළේ ආගමික නායකයන් කිහිප දෙනෙක්, කුඩා දේශපාලන පක්ෂ ගණනාවක නායකයන් හා ප්‍රබල සමාජ ක්‍රියාකාරින් ගණනාවක් මේ ගැන කොළඹ 7 පිහිටි ප්‍රධාන පෙළේ විහාරස්ථානයකදී සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවද වාර්තා වෙයි. තව මාසයක් තුළ නව දේශපාලන සන්ධානය නිල වශයෙන් ආරම්භ කෙරෙනු ඇති අතර ඊට පෙර රටේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමටද එහි සංවිධායකයන් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි