යසවර්ධන රුද්රිගු l
ප්‍රබල පිළිකා කාරකයක් වන සම සුදුපැහැ ගන්වන ක්‍රීම් වර්ගයක් අලෙවි කරන ගබඩා තුනකට පසුගිය සතියේ සීල් තැබූ බව පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.
මෙම ක්‍රීම් වර්ගය විදේශීය නිෂ්පාදනයක් බවට ලේබල් ගසා ඇතත් ඒවා සැබැවින්ම නිෂ්පාදනය කර ඇත්තේ කිසිදු ප්‍රමිතියකින් තොරව මෙරට දීය.
මෙම ක්‍රීම් වර්ගය සිරුර සුදු පැහැ ගැන්වීම සඳහා සමේ ආලේප කරන ලෙස ලේබල්වල සඳහන් වන නමුත් මේවා ආලේප කරන අය අවුරුදු 20කට පසු පිළිකා රෝගවලට ගොදුරුවීමේ අවදානමක් ඇති බව වෛද්‍ය මතය යැයි පාරිභෝගික අධිකාරියේ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය. පාරිභෝගික සේවා අධිකාරිය මෙලෙස පසුගිය සතියේ වටලා ඇත්තේ කොළඹ පිටකොටුවේ පවත්වාගෙන යන ගබඩා තුනක් වන අතර තවදුරටත් දිවයින පුරා වැටලීම් සිදුකිරීමට අධිකාරිය බලාපොරොත්තු වේ.
මෙම ක්‍රීම්වර්ග සාම්පල් පිළිබඳ රසායනාගාර පරීක්ෂණ වාර්තා ලැබුණු පසු නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පවසන අධිකාරිය මෙවැනි ව්‍යාජ රසායනික වර්ගවලින් පරිස්සම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.