I චමිඳු නිසල් ද සිල්වා
මීගමුවේ සිට පානදුර දක්වා වෙරළ කලාපයේ 20,000කට ආසන්න පිරිසකට එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව රුපියල් මිලියන තුන්දාස් අටසීය හැට අටක වන්දි ලබාදී ඇතැයි ධීවර වන්දි කමිටුවේ සභාපති, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධම්මික රණතුංග මහතා දේශයට පැවසීය.
නෞකා අනතුරෙන් පසුව තහනම් කලාපයක් ලෙස නම්කළ මීගමුවේ සිට පානදුර දක්වා වෙරළ කලාපයේ ධීවරයන්ට සහ ධීවර කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නියුතු ප්‍රජාව වෙත, මෙම වන්දි ප්‍රදානය අදියර හතරක් යටතේ සිදුව ඇත. ඒ අනුව සෘජුව ධීවර කර්මාන්තයේ නිරතවන පහළොස් දහස් තිස්දෙෙදනකු වෙත සහ ධීවර කර්මාන්තය ආශ්‍රිතව රැකියාවල නිරත වන හාරදහස් අටසීය අනූඑක්දෙනෙකු අතර මෙම වන්දි මුදල් බෙදා දී ඇතැයි ධම්මික රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නෞකාවේ රක්ෂණ මුදල් මෙම වන්දි ප්‍රදානය සඳහා ලබාගැනීමට හැකිවූ බව ධීවර අමාත්‍යංශය කියා සිටී. කෙසේ වෙතත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නඩු විභාගය යටතේ ධීවරයන් වෙත තවදුරටත් වන්දි ලබාදීමට හැකිවනු ඇතැයි ධීවර වන්දි කමිටුවේ සභාපති, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධම්මික රණතුංග මහතා අපේක්ෂා කරයි. වන්දි ලැබීම් පිළිබඳ මොරටුව සහ මීගමුව ධීවර ප්‍රජාවගෙන් සිදුකළ විමසීම්වලදී, කාණ්ඩ රැසක් යටතේ ධීවරයන්ගේ සිට කුඩා පරිමාණ මාළු අලෙවිකරුවන් විශාල පිරිසකට එක්ස්ප්‍රස් පර්ල් වන්දි ලැබී ඇතැයි දේශයට තහවුර කර ගැනීමටද හැකි විය.