2023 ජුනි 04 වන ඉරිදා

චීන කුණු පොහොරවලට මුදල් ගෙව්වාට අල්ලස් කොමිසමෙන් නඩු

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:01 134

I අධිකරණ වාර්තාකරු

2020-21 මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සැපයීම සඳහා අහිතකර බැක්ටීරියා සහිතව චීනයෙන් ආනයනය කළ විෂ සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් සඳහා කිසිදු පරීක්ෂාවකින් තොරව මුදල් නිදහස් කිරීමෙන් රජයට රුපියල් කෝටි 138ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක්) පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම ඉදිරි දෙසතිය තුළ කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට නියමිත බව දේශයට වාර්තා වෙයි.

මේ සම්බන්ධව විගණන පරීක්ෂණයක් කළ රජයේ විගණකාධිපතිවරයාද ප්‍රකාශ කර තිබුණේ අදාළ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා මෙම මුදල අයකරගත යුතු බවය. මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි ගණනාවක්ම ලැබිණි. ඒවා ගැන කළ විමර්ශනයකින් පසු නඩු පැවරීමට අල්ලස් කොමිසම තීන්දු කළ බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.